April 23 (Citizen News) - මෙවර දැවැන්තම මැයි දින රැළිය පවත්වන්නේ සමගි ජන බලවේගය බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් සඳහන් කරනවා.
ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, ආණ්ඩුව මේ සම්බන්ධයෙන් කලබලයට පත්ව, රැළියට පැමිණෙන ජනතාව පිළිබඳ සොයා බැලීමට පටන්ගෙන ඇති බවයි.
එසේම සමගි ජන බලවේගයේ මැයි රැළියට බිය වූ ආණ්ඩුව, මැයි පළමුවැනිදාට ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැරීම සම්බන්ධයෙන් තීරණයක් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වන බවට තොරතුරු ලැබී ඇති බව ද ඔහු සඳහන් කර සිටියා.
කම්කරුවාට සහ වෘත්තිකයාට වත්මන් ආණ්ඩුව එල්ල කරන පීඩනයට එරෙහි විරෝධතා රැළියක් ලෙස මෙවර කම්කරු දින සැමරුම පවත්වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් වැඩිදුරටත් සඳහන් සිටියේ.