July 07 (Citizen News) - වත්මන් රජය යටතේ නිවාස හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පවතින ගැටලු සහ ඉදිරි ප්‍රතිසංස්කරණ පිළිබඳව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ අදහස් පළ කරයි. අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ, මාධ්‍යවේදී නයන තරංග ගමගේ සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.
අක්‍රමවත් නිවාස ව්‍යාපෘතිවල සත්‍ය තත්ත්වය
නිවාස ක්ෂේත්‍රයේ පැවති අකාර්යක්ෂමතාව සහ හිටපු අමාත්‍යවරුන්ගේ දේශපාලන ක්‍රියාකලාපය පිළිබඳව කරුණු දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, පසුගිය කාලසීමාවේදී ව්‍යාපෘති 2,500ක් යටතේ නිවාස 64,000ක් ඉලක්ක කරගෙන ආරම්භ කළද, ඉන් සම්පූර්ණ කර ඇත්තේ නිවාස 11,000ක් පමණක් බවයි. විශේෂයෙන්ම නිවාස 5,000කට වැඩි ප්‍රමාණයක් අඩක් ඉදි කර අතහැර දමා ඇති බවත්, මින් බොහෝමයක් වනජීවී හා වන සංරක්ෂණ භූමිවල ඉදි කිරීම නිසා නීතිමය සහ පාරිසරික ගැටලු මතු වී ඇති බවත් ඔහු පැවසීය. මෙම ව්‍යාපෘති හරහා ජනතාව ණය බරට පත් කිරීම හැර සැබෑ නිවාස ප්‍රශ්නයට විසඳුමක් ලැබී නොමැති බව හෙතෙම අවධාරණය කළේය.
"දේශපාලනය වරප්‍රසාදයක් නොව වගකීමක්"
තම දේශපාලන භූමිකාව සහ පෞද්ගලික ජීවිතය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, තමන් කිසිවිටෙකත් දේශපාලනය වරප්‍රසාදයක් ලෙස නොදකින බවයි. පක්ෂයක් විසින් පවරන ලද වගකීමක් ඉටු කිරීමට කැපවී සිටින තමන්, ඇමති ධූරය ලැබුණද තවමත් සාමාන්‍ය පුරවැසියෙකු ලෙස සරල ජීවිතයක් ගත කිරීමට ප්‍රිය කරන බව පැවසීය.
"දේශපාලනය කියන්නේ වරප්‍රසාදයක් නෙවෙයි, ඒක පක්ෂයක් විසින් පවරපු වගකීමක්. අපි දේශපාලනයට ආවේ පුද්ගලික වරප්‍රසාද හෝ සුඛෝපභෝගී ජීවිතයක් අපේක්ෂාවෙන් නෙවෙයි, ජනතාව වෙනුවෙන් වැඩ කරන්න."
දේශපාලනය යනු මීඩියා සංදර්ශනයක් නොව, ජනතාවගේ ගැටලු හඳුනාගෙන ඔවුන් සමඟ එක්ව වැඩ කිරීම බවත්, මාලිමාවේ දේශපාලන සංස්කෘතිය තුළ විනිවිදභාවය සහ ජනතා විශ්වාසය රඳවා ගැනීම අතිශය වැදගත් බවත් වෛද්‍ය සුසිල් රණසිංහ වැඩිදුරටත් පැවසීය.
එම සංවාදය නැරඹීම සඳහා පහත සබැඳිය ක්ලික් කරන්න:https://www.youtube.com/watch?v=TiOIPEywnu4&t=291s