දෙස් ·

රාජ්‍ය නිලධාරීන්ට, සිය වත්කම් හා බැරකම් වාර්තා ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලය දීර්ඝ කෙරේ

රාජ්‍ය නිලධාරීන්ට, සිය වත්කම් හා බැරකම් වාර්තා ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලය දීර්ඝ කෙරේ

June 30 (Citizen News) - වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරීන් සඳහා එම වාර්තා ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලය සතියකින් දීර්ඝ කර ඇති බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව ජූලි 7 වන දින මධ්‍යම රාත්‍රි 12.00  දක්වා අදාළ ප්‍රකාශ ගොනු කළ හැකි බවත් අදාළ කාලය තුළ දඩ අය කිරීමක් සිදු නොකරන බවයි එම කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

තාක්ෂණික දෝෂ හේතුවෙන් ලියාපදිංචි වීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරීන්ට ඔවුන්ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ සම්පූර්ණ කිරීම සඳහා මෙලෙස සහන කාලයක් හඳුන්වා දුන් බව අල්ලස් කොමිසම වැඩිදුරටත් නිවේදනය කර තිබෙනවා.