22 සැප්තැම්බර්
03:22:40 පෙර වරු
දෙස් ·

දිට්වා හේතුවෙන් හානි වූ මොරගහකන්ද පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු ඉන්දීය ආධාරයෙන් ඇරඹේ.

දිට්වා හේතුවෙන් හානි වූ මොරගහකන්ද පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු  ඉන්දීය ආධාරයෙන් ඇරඹේ.

September 21 (Citizen News) - දිට්වා සුළි කුණාටුවෙන් දැඩි ලෙස හානි වූ මොරගහකන්ද වැල්ලෙවල මාර්ගයේ අංක 1/1 පාලම ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ඉන්දියානු රජයේ මූල්‍ය දායකත්වයෙන් නිල වශයෙන් ඊයේ දින(20) ආරම්භ කර තිබෙනවා.

ස්වාභාවික ආපදා හමුවේ කඩා වැදුණු ප්‍රධාන යටිතල පහසුකම් නැවත නගාසිටුවීමත් දෙරට අතර පවත්නා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වී තිබෙන අතර ඉන්දීය රජය ලබාදෙන අමෙරිකානු ඩොලර් මිලියන 25ක ආධාර යටතේ මෙරට පාලම් 13ක් ඉදිකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මෙම පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු 2028 වසරේ අවසන් කිරීමට නියමිත වනවා.