දෙස් ·

මෙරට ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 53,000 ඉක්මවයි

මෙරට ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 53,000 ඉක්මවයි

June 29 (Citizen News) - මේ වසරේ මෙරට ඩෙංගු රෝගීන් 53,000 ඉක්මවා ගොස් ඇති අතර ජාතික ඩෙංගු පාලන ඒකකයට අනුව ජුනි මාසයේදී පමණක් රෝගීන් 19,318 ක් වාර්තා වී තිබෙනවා.

ජුනි මාසයේ පවත්නා වැසි සහිත කාලගුණය තුළ අනතුරුදායක ලෙස ඩෙංගු රෝගයේ ව්‍යාප්තියක් සිදුවිය හැකි බවට සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවන අතර මේ දක්වා ජීවිත 31 ක්ද අහිමි වී තිබෙන බවයි වාර්තා වන්නේ.

වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එය රෝගීන් 27,833 ක් වනවා. ඒ අනුව එය ජාතික සංඛ්‍යාවෙන් 52.36% කි.

ඒ අනුව සමස්තයක් වශයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 124 ක් අධි අවදානම් කලාප ලෙස නම් කර ඇති අතර සෞඛ්‍ය බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමට, මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට සහ බෝවීම වැළැක්වීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසයි.