24 අප්‍රේල්
05:41:11 පස් වරු
දෙස් ·

රාජ්‍ය වෙසක් උත්සවය මැයි 30 වෙනිදාට

රාජ්‍ය වෙසක් උත්සවය මැයි 30 වෙනිදාට

April 24 (Citizen News) - 2026 රාජ්‍ය වෙසක් උත්සවයේ නිල වැඩසටහන මැයි 30 වැනිදාට යෙදී ඇති බැවින්, එදිනට පසුදින රජයේ නිවාඩුවක් ලෙස ප්‍රකාශයට පත් කරමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, මැයි 02 වැනිදාට යෙදී තිබුණු එම නිවාඩුව මැයි 31 වැනිදාට සංශෝධනය කර ඇති බවයි අදාළ ගැසට් නිවේදනය මඟින් දක්වා ඇත.

මෙවර වෙසක් පොහොය මැයි 01 සහ 02 යන දෙදිනට යෙදී තිබුණ ද, මහානායක හිමිවරුන්ගේ ඉල්ලීම පරිදි රාජ්‍ය වෙසක් උත්සවය මැයි 30 වැනිදා පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා.