දේශපාලන ·

රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා අද කොළඹ ජාතික රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙයි

රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා අද කොළඹ ජාතික රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙයි

May 04 (Citizen News) - තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ ඇතුළු නියෝජිත පිරිස අද (04) කොළඹ ජාතික රෝහලේ සංචාරයක නිරත වීමට නියමිතයි.

රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු හත් දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිස ඊයේ (03) දිවයිනට පැමිණි අතර ඔවුන් කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය වෙත ද යාමට නියමිතව තිබේ.

මෙම තෙදින සංචාරය නිම කරමින් ඔවුන් හෙට (05) දිවයිනෙන් පිටත්ව යනු ඇත.

මෙම සංචාරය අතරතුර ශ්‍රී ලංකාවේ සහ රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශ අතර අවබෝධතා එකඟතාවයන්ට එළඹීමට අපේක්ෂිතය. ඖෂධ සහ වෛද්‍ය උපකරණ, වෛද්‍ය විශේෂඥයින්ගේ පුහුණුව, අධ්‍යයන සහයෝගීතාව, ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය, ඩිජිටල්කරණය සහ සංචාරක සෞඛ්‍ය සේවාව ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී අදහස් හුවමාරු කර ගැනීමට නියමිතව තිබෙනවා.