දෙස් ·

පොසොන් සමයේදී 300 kW ට වැඩි වහල සූර්ය පැනල ක්‍රියාවිරහිත කරන්න

පොසොන් සමයේදී 300 kW ට වැඩි වහල සූර්ය පැනල ක්‍රියාවිරහිත කරන්න

June 26 (Citizen News) - බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉලියාස් අද(26) පාර්ලිමේන්තුවේදී ඉල්ලීම් කර ඇත්තේ වහල මත සවිකර ඇති ඒකක 300ට වැඩි සූර්ය පැනල පද්ධති හිමි පාරිභෝගිකයන්ගෙන්, එම සූර්ය පැනල හෙට (27) දිනයේ සිට 29 වැනි දින දක්වා ක්‍රියාවිරහිත කරන ලෙසයි.

ඒ විදුලි පද්ධතියේ ස්ථායිතාව පවත්වාගෙන යාම සඳහා මෙන්ම පොසොන් උත්සවය සැලකිල්ලට ගෙන සිදුවිය හැකි පද්ධති බිඳවැටීම වැළැක්වීම වෙනුවෙන් බවයි.

එසේම ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ නිසි අධීක්ෂණ යාන්ත්‍රණයක් ස්ථාපිත නොකිරීම තුළ පසුගිය රජයන් මෙලෙස සූර්ය බලශක්ති ස්ථාපනයන් දිරිමත් කිරීමත්, ඒ අනුව අතිරික්ත සැපයුමක් පවතින කාලවලදී විදුලිබල පද්ධතිය දැඩි අවදානමට ලක්විය හැකි බවයි.