June 29 (Citizen News) - මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHIs) දිවයින පුරා පොසොන් දන්සැල් 7,215 කට ආසන්න ප්‍රමාණයක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.
ඒ අනුව නියමිත සෞඛ්‍ය ප්‍රමිතීන්ට අනුකූල නොවීම හේතුවෙන් දන්සැල් හතරක් වසා දැමීමට නියෝග කර තිබෙනවා.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරන ආකාරයට හඳුනාගත් අඩුපාඩු සහිත දන්සල් 131 ක්, ගැටළු නිවැරදි කරන ලෙස උපදෙස් දීමෙන් පසු අවසර ලබා දී ඇති අතර, අවශ්‍ය ප්‍රමිතීන් සපුරාලීමට අපොහොසත් වූ සිසිල් පැන් දන්සල් හතරක් වසා දමා තිබෙනවා.
මෙම වසරේ පොසොන් දන්සල් 18,412ක් ලියාපදිංචි කර ඇති බවත්, අද(29) සහ හෙට(30) ක්‍රියාත්මක වන දන්සල් පරීක්ෂා කිරීම් අඛණ්ඩව සිදුවන බවත්, උත්සව කාලය පුරාම පොසොන් කලාපවල සහ ඒ අවට පිහිටි ස්ථිර සහ තාවකාලික වෙළඳසැල්වලද පරීක්ෂණ සිදු කරන බවත් එම සංගමය සඳහන් කර තිබෙනවා.