July 06 (Citizen News) - මන්නාරම 50 MW HayWind සුළං විදුලි බලාගාරයට අවශ්‍ය අවසාන ටර්බයින තොගය ත්‍රිකුණාමල වරායට ළඟා වී තිබෙනවා.
2026 ජනවාරි මාසයේදී ජනපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මෙහි ඉදිකිරීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කෙරුණු අතර, සැලසුම් කර ඇති පරිදි 2027 මාර්තු වන විට මෙහි සමස්ත ඉදිකිරීම් අවසන් කර මෙගාවොට් 50ක ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඒ අනුව වාර්ෂිකව රුපියල් බිලියන 4.7ක පමණ විදේශ විනිමය රටට ඉතිරි කර ගැනීමට හැකි වන අතර 2030 වසර වන විට මෙරට ජාතික විදුලිබල පද්ධතියෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමේ ජාතික ඉලක්කය සපුරා ගැනීමට මෙම ව්‍යාපෘතිය විශාල පිටුවහලක් වන බව වැඩිදුරටත් වාර්තා වනවා.