දෙස් ·

කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා විද්‍යුත් ගෙවීම් පහසුකම්

කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා විද්‍යුත් ගෙවීම් පහසුකම්

July 02 (Citizen News) - රජයේ ඩිජිටල්කරණ ව්‍යාපෘතීන්ට අනුව අද සිට කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී මහජනතාවට ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් භාවිතයෙන් ගෙවීම් සිදු කළ හැකි වන පරිදි පහසුකම හඳුන්වා දී තිබෙනවා.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් මෙම නව පහසුකම තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී නිල වශයෙන් දියත් කර ඇති බවයි වාර්තා වන්නේ.