July 01 (Citizen News) - ජූලි 6 වන දින සිට අවම පෞද්ගලික බස් ගාස්තුව ඉහළ නැංවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය එකඟ වී තිබෙනවා.
ඒ අනුව අවම පෞද්ගලික බස් ගාස්තුව රුපියල් 30 සිට 34 දක්වා වැඩි කරන බව LPBOA සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කර තිබෙනවා.
කිලෝමීටර 100 දක්වා ගමන් සඳහා ගාස්තු 12% කින් වැඩි කිරීමත්, කිලෝමීටර 100 ඉක්මවන ගමන් සඳහා වන ගාස්තු 20% කින් වැඩි කිරීමටත් එකඟ වූ බවයි වාර්තා වන්නේ.
තවද සුඛෝපභෝගී බස් සේවා සඳහා, කිලෝමීටර 100 ට අඩු ගමනාන්ත සඳහා වූ බස් ගාස්තු 12% කින් සහ කිලෝමීටර 100 ට වැඩි ගමනාන්ත සඳහා 15% කින්ද වැඩි කෙරෙන බව වැඩිදුරටත් සඳහන්.