දෙස් ·

අවුරුදු 16 න් පහළ ළමුන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමට නව පනත් කෙටුම්පතක්

අවුරුදු 16 න් පහළ ළමුන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමට නව පනත් කෙටුම්පතක්

June 24 (Citizen News) - පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා විසින් පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත අද (24) නිල වශයෙන් වයස අවුරුදු 16 ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමට අදාළ වන යෝජනා ඇතුළත් ‘සමාජ මාධ්‍ය අවම වයස් පනත් කෙටුම්පත’  භාර දී තිබෙනවා.

මෙම 'සමාජ මාධ්‍ය අවම වයස් පනත' හරහා, ළමුන් අන්තර්ජාලයේ හානිකර අන්තර්ගතයන්ට නිරාවරණය වීම වළක්වා ගැනීමත්, ඒ සඳහා අදාළ ඩිජිටල් සේවා සපයන්නන් නියාමනය කිරීමත් අපේක්ෂා කෙරේ.

ඒ අනුව කෙටුම්පත ක්‍රියාත්මක වුවහොත්, ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක සමාජ මාධ්‍ය වේදිකාවන්ට වයස් සීමාවන් ක්‍රියාත්මක කිරීම අනිවාර්ය වීම සහ ළමුන්ට සමාජ මාධ්‍ය තුළ ගත කල හැකි හැකි කාලය සහ ඒ සඳහා ඉඩ දෙන දෛනික වේලාවන් ද නියාමනය කිරීමේ හැකියාව සලසා දෙනු ඇතැයි කෙටුම්පතෙහි සඳහන් බවයි වාර්තා වන්නේ.