July 02 (Citizen News) - විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වන පනත් කෙටුම්පතට නීතිපතිවරයාගේ අනුමැතිය හිමිව තිබේ.
අදාළ පනත් කෙටුම්පතට අදාළ නීත්‍යානූකූල විවරණය අධිකරණ අමාත්‍යාංශය වෙත ලබා දී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව, අධිකරණ අමාත්‍යාංශය මගින් අදාළ පනත් කෙටුම්පත සකස් කර ඉදිරියේදී ගැසට් පත්‍රය ඔස්සේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 02කින් දීර්ඝ කිරීම සඳහා වූ යෝජනාව අධිකරණ අමාත්‍යාංශය විසින් මීට පෙර අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද අතර, ඊට කැබිනට් අනුමැතිය හිමිවිය.
දිවයින පුරා පිහිටි අධිකරණවල දැනට නඩු 1,100,000කට (ලක්ෂ 11කට) අධික සංඛ්‍යාවක් ගොඩගැසී ඇති අතර, එම නඩු කටයුතු කඩිනමින් විභාග කර අවසන් කිරීමේ අරමුණින් රජය මෙම තීරණය ගෙන ඇත.