April 23 (Citizen News) - ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය අද (23) උදෑසන 7.00ට ආරම්භ වී තිබෙනවා.
තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ ආසන 234ම සඳහා සිදු කෙරෙන ඡන්ද විමසීමේදී කෝටි 5.7කට අධික ඡන්දදායකයින් පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා.
මෙම ප්‍රාන්ත මැතිවරණය වඩාත් කතාබහට ලක්වී ඇත්තේ දකුණු ඉන්දිය සුපිරි නළු තලපති විජෙයි ඉදිරිපත් වීමයි. ඔහු විසින් අලුත් පිහිටුවා ගනු ලැබූ ටී.වී.කේ (TVK) පක්ෂය මේ වනවිට ප්‍රාන්ත මැතිවරණයේ සැලකිය යුතු අවධානයක් ලබාගෙන ඇති බවයි දේශපාලන විචාරකයින් සඳහන් කරන්නේ.
මීට අමතරව බටහිර බෙංගාල් ප්‍රාන්තයේ මැතිවරණයත් අද ආරම්භ වනවා.