March 17 (Citizen.lk News) - ඉන්ධන භාවිතය අවම කිරීම සඳහා පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන රජය ගෙන ඇති ක්‍රියාමාර්ගවලට අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තෝරාගත් අංශ කිහිපයක නිලධාරීන්ට සෑම බදාදා දිනකම නිවසේ සිට රාජකාරි කිරීමට අවසර ලබා දී තිබෙනවා.
ඒ අනුව, කාසල් වීදියේ පිහිටි නව අමාත්‍යාංශ ගොඩනැඟිල්ලේ සියලුම අංශ, නාරාහේන්පිට මැලේරියා ගොඩනැඟිල්ලේ සියලුම අංශ, ජාතික පිළිකා මර්දන වැඩසටහන සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය යන ආයතනවල නිලධාරීන් නිවසේ සිට රාජකාරි කළ යුතු බවයි සඳහන් වන්නේ.