May 04 (Citizen.lk News) - ශ්‍රී ලංකා ඔලිම්පික් පදක්කම් බලාපොරොත්තුවක් වන හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග ලෝක ශ්‍රේණිගත කිරීම්හි 7 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.
පසුගිය මාසයේ නයිරෝබි නුවර පැවති කිප් කීනෝ ක්ලැසික් (Kip Keino Classic) තරඟාවලියේදී මීටර් 89.28ක සුපිරි දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් රුමේෂ් තරංග නව තරඟ වාර්තාවක් ද සහිතව රන් පදක්කම දිනා ගත්තේ ඔලිම්පික් ශූර තෝමස් රෝලර් සහ ඔලිම්පික් රිදී පදක්කම්ලාභී මෙන්ම ලෝක ශූරයෙකු වන ජුලියස් යෙගෝ වැනි නම් දැරූ ක්‍රීඩකයින් පරදවමින්.
මෙය දින 30ක් ඇතුළත ඔහු මීටර් 89 සීමාව ඉක්මවා හෙල්ල විසි කළ දෙවන අවස්ථාව වන අතර මෙම දක්ෂතා මත රුමේෂ් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ තිබෙනවා.