August 08 (Citizen News) - ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (8) පැවැත්වෙන අවසන් මහා තරගය නොමිලේ නැරඹීම සඳහා ක්‍රීඩාලෝලීන්ට අවස්ථාව ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, ක්‍රීඩාංගණයේ 'C' Upper and Lower මෙන්ම 'D' Upper and Lower යන ප්‍රේක්ෂක නැරඹුම් ස්ථාන ඒ සඳහා වෙන් කර ඇති බවයි.
ගෝල් ගැලන්ට්ස් සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම් අතර පැවැත්වෙන මෙම අවසන් මහා තරගය අද රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිත අතර, ප්‍රේක්ෂකයින් උදෙසා ක්‍රීඩාංගණයේ සියලුම දොරටු සවස 5.30 සිට විවෘත කිරීමට කටයුතු යොදා ඇත.
තරගයට පෙර ක්‍රීඩාලෝලීන් වෙනුවෙන් විශේෂ විනෝදාස්වාද අංග මාලාවක් සහ ආකර්ෂණීය සමාප්ති උත්සවයක් ද පැවැත්වීමට සංවිධායකයින් සැලසුම් කර තිබේ.