July 16 (Citizen News) - කොළඹ නගර සභා බලප්‍රදේශය තුළ වාහන නැවැතුම් ගාස්තු (Parking Fees) අයකිරීම් සිදු නොකරන බවට සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව කොළඹ මහා නගර සභාව නිවේදනය කරයි.
පසුගියදා ඉන්ධන පිරවුම්හල් අසල පැවති අධික වාහන තදබදය හේතුවෙන් ජනතාවට සහනයක් සැලසීම පිණිස 2026 මාර්තු 18 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි වාහන නැවැතුම් ගාස්තු අයකිරීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබුණි. කෙසේ වෙතත්, රජය විසින් හඳුන්වා දුන් QR කේත ක්‍රමය සහ ඔත්තේ/ඉරට්ටේ අංක ක්‍රමවේදය යටතේ ඉන්ධන බෙදාහැරීම සාර්ථක වීමත් සමඟ එම ඉන්ධන පෝලිම් මේ වන විට අවසන් වී ඇත.
මුදල් කාරක සභාවේ අනුමැතිය ඇතිව, 2026 මාර්තු 23 වනදා පෙරවරු 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ නගරය තුළ සාමාන්‍ය පරිදි වාහන නැවැතුම් කළමනාකරණය සහ ගාස්තු අයකිරීම් කටයුතු නැවත ආරම්භ කර ඇති බව නගර සභාව වැඩිදුරටත් දන්වා සිටියි.

ඒ අනුව, අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටී කොළඹ නගර සභා බලප්‍රදේශය තුළ වාහන නැවැත්වීමේ පහසුකම් භාවිතා කිරීමේදී අදාළ නියමිත නැවැතුම් ගාස්තු ගෙවීමට කටයුතු කරන ලෙස කොළඹ මහා නගර සභාව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටීයි.