දේශපාලන ·

ඇමති විජිත අද ඉන්දියාවට

ඇමති විජිත අද ඉන්දියාවට

March 05 (Citizen.lk News) - Raisina Dialogue 2026 සමුළුවට සහභාගීවීමට අමාත්‍ය විජිත හේරත් අද (05) ඉන්දියාව බලා පිටත්ව තිබෙනවා.

භූතානය, සයිප්‍රසය, මුරිසි දිවයින යන රටවල විදේශ අමාත්‍යවරුද මේ සමුළුව සඳහා සහභාගීවීමට නියමිතයි.

මෙම සංචාරය තුළදී කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් අමාත්‍යවරයා අදහස් හුවමාරු කරගනු ඇත.