August 12 (Citizen News) - වියළි කාලගුණය හේතුවෙන් වනෝද්‍යානවල සිටින සතුන්ට බවුසර් මගින් ජලය ලබා දීම ආරම්භ කර ඇති බව වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
පවතින අධික වියළි කාලගුණයත් සමඟ යාල, විල්පත්තුව, කුමන සහ බූන්දල යන වනෝද්‍යානවල ජලය එක්රැස්වන ස්ථාන සිදීයමින් පැවතීම හේතුවෙන් මෙලෙස බවුසර් මගින් ජලය සැපයීම ආරම්භ කර ඇත.