දෙස් ·

QR නොමැතිව ගොවීන්ට ඉන්ධන ලබාදීම ඇරඹේ

QR නොමැතිව ගොවීන්ට ඉන්ධන ලබාදීම ඇරඹේ

March 19 (Citizen.lk News) - ගොවිජන සේවා දෙපාර්තමේන්තුව විසින් බලශක්ති අමාත්‍යාංශයට ලබාදුන් නම් ලැයිස්තුවට අනුව ගොවීන්ට අද (19) සිට ඉන්ධන නිකුත් කිරීමට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව බලශක්ති අමාත්‍යාංශයට ලැබී ඇති ලැයිස්තු සියල්ල මේ වනවිට ඉන්ධන පිරවුම්හල් වෙත යවා ඇති අතර මේ වනවිට ඉන්ධන පිරවුම්හල් අසල තදබදයක් ඇතිව තිබෙන බැවින් ගොවීන්ට ප්‍රමුඛතාවය ලබාදෙන්නැයි ඉන්ධන පිරවුම්හල්වලින් ඉල්ලා ඇති බවද වාර්තා වනවා.