September 10, (Citizen News) - එක්සත් ජනපද-ශ්‍රී ලංකා ෆුල්බ්‍රයිට් කොමිසම (US-SLFC), ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය සමඟ එක්ව, 2026 EducationUSA විශ්වවිද්‍යාල ප්‍රදර්ශනය සැප්තැම්බර් 14 සිට 18 දක්වා කොළඹ, කුරුණෑගල සහ මහනුවර යන නගරවලදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. නොමිලේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශන මගින් ශ්‍රී ලාංකික සිසුන්ට පිළිගත් එක්සත් ජනපද විද්‍යාල සහ විශ්වවිද්‍යාල එකොළහක නියෝජිතයින් සමඟ සෘජුවම සම්බන්ධ වී, ඇතුළත් වීමේ අවශ්‍යතා, ශිෂ්‍යත්ව සහ අධ්‍යයන වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාව සලසා දෙනු ඇත. කෘත්‍රිම බුද්ධිය සහ යන්ත්‍ර ඉගෙනුම (machine learning), පරිගණක විද්‍යාව සහ සයිබර් ආරක්ෂාව, ජෛව තාක්ෂණය මෙන්ම වෙනත් අධ්‍යයන ක්ෂේත්‍ර ඇතුළු ඉහළ ඉල්ලුමක් පවතින ක්ෂේත්‍රවල අධ්‍යයන වැඩසටහන් පිළිබඳව දැනුවත් වීමට සිසුන්ට මෙහිදී අවස්ථාව හිමිවනු ඇත.
එක්සත් ජනපදයේ උසස් අධ්‍යාපනය පිළිබඳ තොරතුරු සපයන එක්සත් ජනපද රජයේ නිල මූලාශ්‍රය වන EducationUSA, එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලැබීම සම්බන්ධයෙන් සිසුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට විශ්වාසනීය මගපෙන්වීම් සහ සම්පත් ද ලබා දෙනු ඇත.
උපාධි, පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි වැඩසටහන් පිළිබඳ උනන්දුවක් දක්වන සිසුන් මෙන්ම දෙමාපියන්, අධ්‍යාපනඥයින් සහ පාසල් පරිපාලකයින්ට ද මෙම අවස්ථාවට සහභාගී වන ලෙස දිරිමත් කරනු ලැබේ. US-SLFC නියෝජිතයින් ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා ලබා ගත හැකි ෆුල්බ්‍රයිට් (Fulbright) ශිෂ්‍යත්ව සහ අධ්‍යන අවස්ථා (fellowships) පිළිබඳ තොරතුරු බෙදා ගනු ඇත. මෙයට සහභාගී වීම නොමිලේ වුවද, පැමිණීමට පෙර ලියාපදිංචි වීම අනිවාර්ය වේ. වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා fulbrightsrilanka.org/universityfair වෙත පිවිසෙන්න.
ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති එරික් මයර් මහතා, එක්සත් ජනපද විශ්වවිද්‍යාලවල හැකියාවන් සහ නව තාක්ෂණයන් ඉදිරියට ගෙන යාම සඳහා ඒවා ඉටු කරන කාර්යභාරය අවධාරණය කරමින් මෙසේ පැවසීය: “විශේෂයෙන්ම කෘත්‍රිම බුද්ධිය, සයිබර් ආරක්ෂාව සහ ජෛව තාක්ෂණය වැනි ක්ෂේත්‍රවල උසස් අධ්‍යාපනය සහ නවෝත්පාදනය සම්බන්ධයෙන් එක්සත් ජනපදය ගෝලීය වශයෙන් ප්‍රමුඛ ස්ථානයක සිටී. මෙම ප්‍රදර්ශනයට සහභාගී වන එක්සත් ජනපද විශ්වවිද්‍යාල සහ ඒවා නියෝජනය කරන මෙම නැගී එන ක්ෂේත්‍රවල ඇමරිකානු විශේෂඥ දැනුම හරහා එම නායකත්වය විදහා දැක්වීමට අපි බලාපොරොත්තු වෙමු.”
US-SLFC හි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පැට්‍රික් මැක්නමාරා මහතා මෙසේ පැවසීය: “මෙම අධ්‍යාපන ප්‍රදර්ශන මගින් ශ්‍රී ලාංකික සිසුන්ට එක්සත් ජනපද විශ්වවිද්‍යාල සමඟ සෘජුව සම්බන්ධ වීමට අවස්ථාව සලසා දෙමින්, අධ්‍යාපනය සඳහා නව අවස්ථා විවෘත කරන අතරම අප දෙරට අතර අධ්‍යාපන සබඳතා ද ශක්තිමත් කරයි.”
සහභාගී වන එක්සත් ජනපද විශ්වවිද්‍යාල
මෙයට සහභාගී වන ආයතන එකොළහ, එක්සත් ජනපදය පුරා පිහිටි විශ්වවිද්‍යාල සහ විද්‍යාල නියෝජනය කරයි:
1. එල් පාසෝහි ටෙක්සාස් විශ්වවිද්‍යාලය — එල් පාසෝ, ටෙක්සාස්
University of Texas at El Paso — El Paso, Texas
2. නෝර්ත් ඩැකෝටා ප්‍රාන්ත විශ්වවිද්‍යාලය — ෆාගෝ, නෝර්ත් ඩැකෝටා
North Dakota State University — Fargo, North Dakota
3. ආර්කන්සාස් විශ්වවිද්‍යාලය — ෆේයට්විල්, ආර්කන්සාස්
University of Arkansas — Fayetteville, Arkansas
4. වර්මොන්ට් විශ්වවිද්‍යාලය — බර්ලින්ටන්, වර්මොන්ට්
University of Vermont — Burlington, Vermont
5. බෝලිං ග්‍රීන් ප්‍රාන්ත විශ්වවිද්‍යාලය — බෝලිං ග්‍රීන්, ඔහයෝ
Bowling Green State University — Bowling Green, Ohio
6. ටෙනසි විශ්වවිද්‍යාලය, නොක්ස්විල් — නොක්ස්විල්, ටෙනසි
University of Tennessee, Knoxville — Knoxville, Tennessee
7. ෆිෂර් විද්‍යාලය — බොස්ටන්, මැසචුසෙට්ස්
Fisher College — Boston, Massachusetts
8. මිචිගන් ප්‍රාන්ත විශ්වවිද්‍යාලය — ඊස්ට් ලැන්සිං, මිචිගන්
Michigan State University — East Lansing, Michigan
9. නිව් යෝර්ක් විශ්වවිද්‍යාලය — නිව් යෝර්ක් නගරය, නිව් යෝර්ක්
New York University — New York City, New York
10. බේලර් විශ්වවිද්‍යාලය — වේකෝ, ටෙක්සාස්
Baylor University – Waco, Texas
11. ඔල්බ්‍රයිට් විද්‍යාලය — රීඩිං, පෙන්සිල්වේනියා
Albright College – Reading, Pennsylvania
ප්‍රදර්ශන කාලසටහන
|
දිනය |
නගරය |
ස්ථානය |
වේලාව |
|
සැප්තැම්බර් 14 |
කොළඹ |
කොර්ට්යාඩ් බයි මැරියට් හෝටලය, කොළඹ (ග්‍රෑන්ඩ්
සැෆයර් බෝල්රූම් ශාලාව) |
ප.ව. 1:00 – 4:00 |
|
සැප්තැම්බර් 16 |
කුරුණෑගල |
රෝයල් ඉන්ටර්නැෂනල් පාසල |
ප.ව. 2:15 – 3:15 |
|
සැප්තැම්බර් 17 |
මහනුවර |
කැන්ඩි සිටි සෙන්ටර් (බැන්ක්වට් ශාලාව) |
ප.ව. 1:00 – 4:00 |
EducationUSA පිළිබඳව: එක්සත් ජනපදයේ උසස් අධ්‍යාපනය ලැබීමට අපේක්ෂා කරන ශ්‍රී ලංකාවේ සිසුන් සඳහා EducationUSA විසින් නොමිලේ උපදේශන සේවා සපයනු ලබයි. මෙය US-SLFC හි පිහිටුවා ඇත. EducationUSA ශ්‍රී ලංකා, EducationUSA උපදේශකවරයා හරහා මගපෙන්වීම් ලබා දෙන අතර, එක්සත් ජනපදයේ පිළිගත් අධ්‍යාපන ආයතන 4,000කට අධික සංඛ්‍යාවකට අයදුම් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මගපෙන්වීම ලබා දීමටත්, ඔවුන්ගේ අධ්‍යාපන ගමන් මග සැලසුම් කර ගැනීමටත් පුද්ගලයන්ට සහාය වේ. ශ්‍රී ලංකාව තුළ එක්සත් ජනපදයේ උසස් අධ්‍යාපනය පිළිබඳ තොරතුරු සපයන එකම නිල මූලාශ්‍රය මෙයයි. ශ්‍රී ලංකාවේ EducationUSA පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා fulbrightsrilanka.org/educationusa-advising වෙත පිවිසෙන්න.
එක්සත් ජනපද-ශ්‍රී ලංකා ෆුල්බ්‍රයිට් කොමිසම පිළිබඳව: US-SLFC යනු 1952 දී පිහිටුවන ලද, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් අරමුදල් සපයනු ලබන ස්වාධීන ද්විජාතික සංවිධානයකි. පසුගිය දශක හතක කාලය තුළ, ෆුල්බ්‍රයිට් ශ්‍රී ලංකා වැඩසටහන ශ්‍රී ලාංකිකයන් සහ ඇමරිකානුවන් 2,000කට අධික පිරිසක් සඳහා අධ්‍යාපනික හුවමාරු අවස්ථා සලසා දෙමින්, දෙරට අතර අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කිරීමට දායක වී ඇත. US-SLFC පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා fulbrightsrilanka.org වෙත පිවිසෙන්න.
මෙම විශ්වවිද්‍යාල ප්‍රදර්ශනය පිළිබඳව වාර්තා කිරීමට උනන්දුවක් දක්වන මාධ්‍යවේදීන් කරුණාකර [email protected] ඔස්සේ සම්බන්ධ වන්න.