විදෙස් ·

ඩිජිටල් සේවා බද්දක් පනවන ඕනෑම රටකට 100% ක තීරු බද්දක් - ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

ඩිජිටල් සේවා බද්දක් පනවන ඕනෑම රටකට 100% ක තීරු බද්දක් - ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

June 27 (Citizen News) - ඇමරිකානු සමාගම් ඉලක්ක කර ගනිමින් ඩිජිටල් සේවා බද්දක් හඳුන්වා දෙන ඕනෑම රටකින් ආනයනය කරන භාණ්ඩ සඳහා 100% ක තීරු බද්දක් පනවන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර තිබෙනවා.

තම Truth Social වේදිකාවේ සටහනක් තබමින් සඳහන් කරන්නේ යුරෝපීය රටවල් කිහිපයක් ඇමරිකානු සමාගම් සඳහා ඩිජිටල් සේවා බද්දක් ළඟදීම ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවත්, ඇතැම් රටවල් එම පියවර හඳුන්වා දීමට ආසන්න බවත්ය.

එවැනි ආකාරයේ බද්දක් පනවන ඕනෑම රටක් එක්සත් ජනපදයට අපනයනය කරන සියලුම භාණ්ඩ සඳහා "වහාම 100% තීරු බද්දකට" යටත් වන බවට ඔහු අනතුරු අඟවා තිබෙනවා.

ඒ අනුව මෙම තීරු බදු අදාළ රට සමඟ පවතින හෝ අනාගත වෙළඳ ගිවිසුම් අභිබවා යන බවත් බද්ද ක්‍රියාත්මක කළහොත් එය වහාම ක්‍රියාත්මක වන බවත්ය.

රටවල් කිහිපයක් විසින් සම්මත කරන ලද හෝ යෝජනා කරන ලද ඩිජිටල් සේවා බදු වලට එක්සත් ජනපදය දිගින් දිගටම විරුද්ධ වීමත් සමඟ මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙනවා.