September 09 (Citizen News) - ඔස්ට්‍රේලියානු හෙද වෘත්තියට ලියාපදිංචිය, රැකියා සහ සංක්‍රමණ අවස්ථා ඉලක්ක කර ගත් මාස හයක Nursing Australia Programme වැඩසටහන IIHS වෙතින්
ජාත්‍යන්තර වෘත්තීය ජීවිතයක් ගොඩ නඟා ගැනීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකික හෙද වෘත්තිකයන්ට වෘත්තීය පිළිගැනීම, වෘත්තීය ප්‍රගතිය සහ දිගු කාලීන ජාත්‍යන්තර අවස්ථා සඳහා ඔස්ට්‍රේලියාව වැදගත් ගමනාන්තයක් බවට පත් වෙමින් තිබේ. ඉදිරි වසර කිහිපය තුළ ඔස්ට්‍රේලියාවේ හෙද වෘත්තිකයන්ට සැළැකිය යුතු ඉල්ලුමක් ඇති වනු ඇතැයි එරට රාජ්‍ය ශ්‍රම බල පුරෝකථන පෙන්වා දෙයි. ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගතහොත් 2035 වන විට පූර්ණ කාලීන හෙද වෘත්තිකයන් 70,000කට අධික හිඟයක් ඇති විය හැකි අතර පුරෝකථනය කර ඇති එම පරතරය පියවීමට හෙද වෘත්තිකයන් 79,000කට ආසන්න සංඛ්‍යාවක් අවශ්‍ය විය හැකි බව එම දත්ත පෙන්වා දෙයි. මෙම වර්ධනය වන ඉල්ලුම ඔස්ට්‍රේලියාවේ වෘත්තීය ලියාපදිංචි, රැකියා සහ ආගමන අවශ්‍යතා සැපිරිය හැකි සුදුසුකම් සහිත ජාත්‍යන්තර හෙද වෘත්තිකයන්ට සැළැකිය යුතු වෘත්තීය අවස්ථා නිර්මාණය කරයි. වසර 25කට අධික කාලයක් පුරා IIHS ආයතනය ජාත්‍යන්තර හෙද අධ්‍යාපනය සහ ජාත්‍යන්තර වෘත්තීය මං පෙත් සම්බන්ධයෙන් පිළිගත් අධ්‍යාපන ආයතනයක් ලෙස කටයුතු කරමින් ශ්‍රී ලාංකික හෙද වෘත්තිකයන්ට ජාත්‍යන්තරව පිළිගත් සුදුසුකම් ලැබීමට සහ විදේශීය වෘත්තීය අවස්ථා කරා පිවිසීමට සහාය වී ඇත. එම අත්දැකීම් මත පදනම්ව IIHS Nursing Australia Programme නමින් මාස හයක විශේෂ වෘත්තීය වැඩසටහනක් හඳුන්වා දී තිබේ. ඔස්ට්‍රේලියානු හෙද වෘත්තියට ලියාපදිංචිය සඳහා සූදානම් වීමට සහ ඉදිරි රැකියා හා සංක්‍රමණ අවස්ථා කරා යොමු වීමට අපේක්ෂා කරන සුදුසුකම් ලත් හෙද වෘත්තිකයන් වෙනුවෙන් මෙම වැඩසටහන සැළැසුම් කර ඇත. පිළිගත් ජාත්‍යන්තර උපාධි මට්ටමේ හෙද සුදුසුකම් හිමි සහ ඔස්ට්‍රේලියාවේ සිය වෘත්තීය ජීවිතයේ මීළඟ පියවර තැබීමට සූදානම් හෙද වෘත්තිකයන් සඳහා මෙම වැඩසටහන වඩාත් යෝග්‍ය වේ.
මේ පිළිබඳ අදහස් දක්වමින් IIHS සම-නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය කිත්සිරි එදිරිසිංහ මහතා මෙසේ පැවසීය. “IIHS ආරම්භ කළේ ශ්‍රී ලාංකික කාන්තාවන් නුපුහුණු ගෘහ සේවිකාවන් ලෙස විදේශගත වීම වෙනුවට ගෞරවනීය වෘත්තීය හෙදියන් ලෙස ලෝකයට පිවිසීමට අවස්ථා නිර්මාණය කිරීමේ පුළුල් දැක්මක් සමඟයි. වසර 25කට අධික කාලයකට පසුව අද ජාත්‍යන්තර සුදුසුකම් ලත් ශ්‍රී ලාංකික හෙද වෘත්තිකයන්ට ඔස්ට්‍රේලියානු හෙද වෘත්තියට ලියාපදිංචිය වී ගෞරවනීය ජාත්‍යන්තර වෘත්තීය ජීවිතයක් ගොඩ නඟා ගැනීමට අවස්ථාව උදා වී තිබෙනවා.” ඔස්ට්‍රේලියාවේ දැනට ක්‍රියාත්මක වෘත්තීය ලියාපදිංචි සහ නිපුණතා අවශ්‍යතා අවබෝධ කර ගැනීමට සහ ඒවා සැපිරීම සඳහා සූදානම් වීමට අවශ්‍ය ක්‍රමානුකූල මාර්ගෝපදේශනය සහ වෘත්තීය සහාය මෙම වැඩසටහන මඟින් සැපැයීමට අපේක්ෂා කරයි. සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ජාත්‍යන්තර සංක්‍රමණය ආචාරධාර්මික, විනිවිදභාවයෙන් යුතු සහ වෘත්තීයමය පදනමක් මත සිදු විය යුතු බව IIHS විශ්වාස කරයි. එම ප්‍රවේශය වගකීම් සහගත සෞඛ්‍ය ශ්‍රම බල සංචලනය පිළිබඳ ජාත්‍යන්තරව පිළිගත් මූලධර්ම සමඟ අනුකූල වේ. ඒ අනුව සුදුසුකම් ලත් ශ්‍රී ලාංකික හෙද වෘත්තිකයන්ට ඔස්ට්‍රේලියාව හුදෙක් සංක්‍රමණ ගමනාන්තයක් පමණක් නොව තම අධ්‍යාපන සුදුසුකම් සහ සායනික අත්දැකීම් හරහා ජාත්‍යන්තරව පිළිගත් සෞඛ්‍ය වෘත්තියක් බවට පත් වීමට ඇති වැදගත් අවස්ථාවක් වේ. ඔස්ට්‍රේලියාවේ හෙද වෘත්තියට ලියාපදිංචිය, රැකියා සහ සංක්‍රමණ අවස්ථාවලට අදාළ ඔස්ට්‍රේලියානු නියාමන ආගමන සහ සේවායෝජක ආයතනවල පවතින නීති, නිර්ණායක සහ අවශ්‍යතාවලට යටත් වේ.