20 පෙබරවාරි
03:38:26 පෙර වරු
විදෙස් ·

20 හැවිරිදි තරුණියකගෙන් සකර්බර්ග්ට නඩුවක්

20 හැවිරිදි තරුණියකගෙන් සකර්බර්ග්ට නඩුවක්

February 19 (Citizen.lk News) - Meta සමාගමේ ප්‍රධානී මාර්ක් සකර්බර්ග්, සිය සමාගම විසින් කුඩා දරුවන් ඉලක්ක කර ගනිමින් ඔවුන්ව සමාජ මාධ්‍යවලට ඇබ්බැහි කරවීමට කටයුතු කළ බවට එල්ල වන චෝදනාවලට එරෙහිව අධිකරණය හමුවේ පෙනී සිට තිබෙනවා.

ඒ අනුව 20 හැවිරිදි වියේ පසුවන ‘Kaley’ නමැති තරුණියක් විසින් මෙටා සහ YouTube සමාගම්වලට එරෙහිව මෙම නඩුව පවරා ඇති අතර, ඇය කුඩා දැරියකව සිටියදී මෙම සමාජ මාධ්‍ය ජාලයන්ට ඇබ්බැහි වන පරිදි ඒවා නිර්මාණය කර ඇති බවත්, ඒ හේතුවෙන් තමා දැඩි මානසික පීඩනයකට, කාංසාවට සහ සියදිවි නසාගැනීමේ සිතුවිලිවලට මුහුණ දුන් බවත් ඇය චෝදනා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.