February 18 (Citizen.lk News) - අමෙරිකාව ඇතුළු ලෝකයේ රටවල් කිහිපයක YouTube සම්බන්ධ සේවාවන්ගේ තාවකාලික බිඳවැටීමක් සිදුව ඇති අතර ඒ හේතුවෙන් එක්සත් ජනපදයේ YouTube පරිශීලකයින් 320,000කට අධික පිරිසකට බලපෑම් කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
කෙසේවෙතත් ලෝකයේ රටවල් කිහිපයක ඇතිවූ YouTube සම්බන්ධ සේවාවන්ගේ තාවකාලික බිඳවැටීම යථා තත්ත්වයට පත් කර තිබෙනවා.