February 17 (Citizen.lk News) - කොළඹ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වුණු අංක 943 දරන රාත්‍රී තැපැල් දුම්රියෙහි වන අලියකු ගැටීම නිසා අද (17) අලුයම එම දුම්රිය පීලි පැනීමට ලක්ව තිබෙනවා.
දුම්රිය එන්ජිමේ ගැටුනු වන අලියා එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවත්, අලියාගේ පාදයේ කොටස් එන්ජිම් කොටසේ සිරවීම නිසා එම දුම්රිය මෙසේ පීලි පැනීමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
වන අලියා වයස අවුරුදු පහළොවක පමණ වන අලියෙක් වන අතර කවුඩුල්ල රක්ෂිතයේ සිට සෝමාවතිය රක්ෂිතයට දුම්රිය මාර්ගය ඔස්සේ මාරු වීමේදී මෙසේ දුම්රියේ ගැටී තිබෙනවා.