February 09 (Citizen.lk News) - ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප.ව. 2.00 න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බවයි සඳහන් වන්නේ.
සබරගමුව, මධ්‍යම සහ උතුරු-මැද පළාත්වලත්, බදුල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි ය.