19 පෙබරවාරි
03:57:37 පෙර වරු
දෙස් ·

අඹතලේ සිට දෙහිවල දක්වා ජල සැපයුමට බාධා

අඹතලේ සිට දෙහිවල දක්වා ජල සැපයුමට බාධා

February 18 (Citizen.lk News) - අඹතලේ සිට දෙහිවල දක්වා ජලය සපයන ප්‍රධාන ජල සැපයුම් මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.

ඒ අනුව මොරටුව, රාවතාවත්ත, සොයිසාපුර, රත්මලාන, ගල්කිස්ස, දෙහිවල, වැල්ලවත්ත, පාමංකඩ, මුල්ලේරියාව, කොළොන්නාව යන ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව බල පැවැත්වෙන අතර, බත්තරමුල්ල ප්‍රදේශයට අඩු පීඩන තත්ත්වයක් යටතේ ජල සැපයුම සිදු වන බව වාර්තා වන අතර හෙට (19) උදෑසන 6.00 ට පෙර ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරනවා.