March 01 (Citizen.lk News) - බටහිරට ගැති නායකයෙකු පත් කර ගැනීම උදෙසා ඇමෙරිකාව ඉරානයේ අධ්‍යාත්මික නායකයා ඝාතනය කළ ද එය එසේ සිදුවීමට ඇති සම්භාවිතාව ඉතා අවම බව පෙනේ.
සිය නායකයා මිය යාමට පෙර ඔහුට විරුද්ධව එරට තුළ උද්ඝෝෂණ දැඩි වුවත් මේ වන විට එරට සිටින විදෙස් ප්‍රවෘත්ති වාර්තාකරුවන් පවසන්නේ රට තුළ බෙදුණු මතයක් නිර්මාණය වී ඇති බවයි.
ඉස්ලාම් ආගමෙන් සිරකර ඈති සීමා බිඳ දමා වැඩි නිදහසක් ඉල්ලා සිටින තරුණ ජනතාව අලුත් පාලනයක් ඉල්ලමින් පෙර නායකයා මිය යාම ගැන සතුට පළ කරමින් ප්‍රීති ඝෝෂා නැගුවද ඒ හා සමාන හෝ ඊට වැඩි ජන කොට්ඨාසයක් සිය නායකයා ඇමෙරිකාව මරා දැමීම ගැන දැඩි වෛරයකින් පසුවේ.


මේ නිසා එරට තුළ පවතින පාලනයට විරුද්ධව ජන අරගලයක් ඇතිවීම යන්න ඉතා අවම සම්භාවිතාවක ඇත. (ඊට තවත් හේතු මෙම ලිපියේ අවසානයට ඇත)
නමුත් ට්‍රම්ප් තවමත් උත්සාහ කරමින් සිටින්නේ ඉරානය තුළ අරගලයක් ඇතිකර පවතින රජය පෙරලා දමා තමන්ට හිතැති නායකයෙක් පත්කර ගැනීමටයි. ඒ සඳහා ඔහු එරට ජනතාව උසිගන්වමින් සිටි. " Take Over Your Government" ලෙස පණිවිඩ යවමින් ඔහු එරට ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ' තමන් අවශ්‍ය දේ සිදුකර ඇති බවත් මෙය නව රජයක් ඇතිකර ගැනීම සඳහා අවස්ථාවක් ලෙස භාවිතා කරමින් කටයුතු කරන ලෙසයි.
නමුත් රට දේශපාලන ව්‍යුහය නව නායකයෙක් පත්කර ගැනීම යන කාරණා විශ්ලේෂණය කළ විට පෙනෙන්නේ ට්‍රම්ප්ගේ සිහිනය ඉෂ්ට කර ගැනීම ඉතා අපහසු බවය.
පහතින් ඊට හේතු කාරණා මා පැහැදිලි කරමි.
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවයෙන් පසු නව නායකයා ඇමරිකානු හිතවාදියෙකු වීමට ඇති ඉඩකඩ ඉතා අවම මට්ටමක පවතී. ඒ සඳහා ප්‍රධාන හේතු කිහිපයක් :
- වත්මන් පාලන පද්ධතිය
ඉරානයේ පාලන ව්‍යුහය සකස් කර ඇත්තේ බටහිර විරෝධී මතවාදයක් මතය. මේ වන විට එරට පාලනය මෙහෙයවන තාවකාලික කවුන්සිලය සහ ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) ඉතා දැඩි මතධාරීන්ගෙන් සමන්විත වේ. ඔවුන් කිසිසේත්ම ඇමරිකානු හිතවාදී නායකයෙකුට බලයට පත්වීමට ඉඩ නොදෙනු ඇත. - අනුප්‍රාප්තිකයා කවුරු විය හැකිද?
ඊළඟ උත්තරීතර නායකයා තෝරා පත් කර ගන්නා 'විශේෂඥ මණ්ඩලය' (Assembly of Experts) විසින් සලකා බලනු ලබන ප්‍රධාන පුද්ගලයින් සියලු දෙනාම පාහේ දැඩි මතධාරීන් වේ:
- මොජ්තාබා කමේනි (අලි කමේනිගේ පුත්‍රයා): මොහු ආරක්ෂක අංශ සමඟ සමීප සබඳතා පවත්වන අතර තම පියාගේ දැඩි ප්‍රතිපත්ති එලෙසම ඉදිරියට ගෙන යනු ඇතැයි සැලකේ.
- අලිරේසා අරාෆි: මොහු බටහිර විරෝධී මතවාදයන් දැඩිව ආරක්ෂා කරන ප්‍රබල පූජකවරයෙකි.
- වත්මන් යුධමය තත්ත්වය
ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඉරාන නායකයා මියයාම හේතුවෙන්, එරට තුළ ඇමරිකානු විරෝධය වෙනදාටත් වඩා දැඩි වී ඇත. මෙවන් මොහොතක ඇමරිකාවට සහය දක්වන නායකයෙකුට පාලනය නතු කර ගැනීම දේශපාලනිකව කළ නොහැක්කකි. - ඇමරිකානු හිතවාදී නායකයෙකු පැමිණිය හැකි එකම මග
ඇමරිකානු හිතවාදී නායකයෙකු බලයට පත්වීමට නම් වත්මන් 'ඉස්ලාමීය සමූහාණ්ඩු' පාලන ක්‍රමය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ජනතා විප්ලවයකින් නව රජයක් පිහිටුවිය යුතුය. දැනට වීදි බැස සිටින විරෝධතාකරුවන් එවැනි වෙනසක් අපේක්ෂා කළද, හමුදාව තවමත් පාලනය තදින් අල්ලාගෙන සිටී.
සාරාංශය:
ඉදිරියේදී පත්වන නායකයා බොහෝ විට හමුදා බලය සහිත දැඩි මතධාරියෙකු වනු ඇත. ඔවුන් ඇමරිකාව සමඟ වඩාත් දැඩි ගැටුම්කාරී පිළිවෙතක් අනුගමනය කිරීමට ඉඩ ඇත.