February 11 Citizen.lk News) -ඉන්දියාවේ ඓතිහාසික දෙව්නිමෝරි පුදබිමෙන් වැඩම කෙරුණු සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාව අද (11) පෙරවරු 6.00 වන විට අවසන් වුණු අතර එම සර්වඥ ධාතූන් වහන්සේ අද පෙරවරුවේම යළි ඉන්දියාව බලා වැඩම කරවීමට ද නියමිත වනවා.
ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ පසුගිය 04වැනිදා පස්වරුවේ ඉන්දියාවට අයත් විශේෂිත ගුවන්යානයකින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට වැඩම කරවනු ලැබූ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ පැවැත් වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ මැදිහත්වීමෙන් සහ ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙම සර්වඥ ධාතූන් වහන්සේ මෙලෙස මෙරටට වැඩමවනු ලැබුවා.