January 30 (Citizen.lk News) - ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයෙන්, මෑත කාලයේදී නිපා වෛරස රෝගීන් කිහිප දෙනකු හඳුනාගැනීම සමග සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් අන්තර්ජාතික සංචරණ සීමා පැනවීම නිර්දේශ කර නොමැති බවත් වර්තමානයේදී ශ්‍රී ලංකාවට රෝගය පැතිරීමේ අවදානම ඉතා අවම මට්ටමක පවතින බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරනවා.
නිපා වෛරසය සත්ත්වයන් අතර, විශේෂයෙන්ම පලතුරු වවුලන් අතර දක්නට ලැබෙන අතර වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකුගෙන් රෝග ලක්ෂණ මතු වීමට සාමාන්‍යයෙන් දින 4ත් 14ත් අතර කාලයක් ගතවන බවයි වාර්තා වන්නේ.
තද උණ සහ හිසරදය,කැස්ස සහ හුස්ම ගැනීමේ අපහසුව,නිදිමත ගතිය සහ වමනය,තදබල ලෙස රෝගය උත්සන්න වූ විට මොළය ඉදිමීම (Encephalitis) නිසා සිහි නැති වීම හෝ වලිප්පුව ඇති වීම මූලික රෝග ලක්ෂණ වනවා.