20 පෙබරවාරි
03:37:44 පෙර වරු

February 19 (Citizen.lk News) - කොළඹ 07, බෞද්ධ මහා සම්මේලනය ඉදිරිපිටදී හෙට(20) මහා සඟ සමුළුවක් පැවැත්වීමට නියමිත වනවා.

මව්බිම සුරැකීමේ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සඳහන් කරන්නේ සම්බුද්ධ ශාසනයට, මහා සංඝරත්නයට, බෞද්ධයන්ට, රටේ සංස්කෘතිය හා සභ්‍යත්වයට එරෙහිව ගොඩ නැඟීගෙන එන තර්ජන, ගර්ජන පරාජය කිරීම සඳහා මෙම සඟ සමුළුව පවත්වන බවයි.