January 20 (Citizen.lk News) ඉන්දීය හමුදාව විසින් පරිත්‍යාග කරන ලද නව SUV රථ 20ක් හඳුන්වාදීමෙන් පසු ශ්‍රී ලංකා හමුදාවට වාර්ෂිකව රුපියල් මිලියන 18ක් පමණ ඉතිරි කර ගැනීමට හැකි වී තිබෙනවා.
ඉන්දීය හමුදා ප්‍රධානී ජෙනරාල් උපේන්ද්‍ර ද්විවේදි මෙරට කළ සංචාරයේදී මෙම වාහන නිල වශයෙන් භාර දුන් අතර හඳුන්වාදුන් ජීප් රථ පරිපාලන හා ක්ෂේත්‍ර මෙහෙයුම් සඳහා යොදා ගැනෙන බවයි වාර්තා වන්නේ.
මෙම නව වාහන තම බලඇණියට එකතු කිරීමත් සමඟ, හමුදාව කුලියට ගත් වාහන ක්‍රමයෙන් ඉවත්කර ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මාසිකව රුපියල් මිලියන 1.5ක ඉතිරියක් සහ රජයේ වියදම්වලින් වාර්ෂිකව රුපියල් මිලියන 18 ඉක්මවන ඉතිරියක් ලැබෙන බව වැඩිදුරටත් වාර්තා වනවා.