විශේෂාංග ·

ගුවන් හමුදා 75 වන සංවත්සරය නිමිත්තෙන් "Symphony of Wings" ප්‍රසංගය නෙළුම් පොකුණේදී

ගුවන් හමුදා 75 වන සංවත්සරය නිමිත්තෙන් "Symphony of Wings" ප්‍රසංගය නෙළුම් පොකුණේදී

March 20 (Citizen.lk News) - ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව සංවිධානය කරනු ලබන "Symphony of Wings" සුවිශේෂී සංගීත සන්ධ්‍යාව එළඹෙන මාර්තු මස 28 වන දින පස්වරු 7.00 ට කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරනු ලබන මෙම ප්‍රසංගය සඳහා ගුවන් හමුදා "ඊගල්ස් රොක්" (Eagles' Rock) සංගීත කණ්ඩායම සමඟ කීර්ති පැස්කුවල් සහ එඩ්වඩ් ජයකොඩි, චිත්‍රාල් සෝමපාල සහ උමාරියා සිංහවංශ, සුජාතා අත්තනායක සහ ඉන්ද්‍රානි පෙරේරා, ඇනස්ලි මාලේවන සහ මරියෂෙල් ගුණතිලක, කාංචනා අනුරාධි, ෆැලන් ඇන්ඩ්‍රියා සහ අංජලී හෙරත්, දිමංක වෙල්ලාලගේ, රජිත රූපසිංහ සහ ප්‍රනීශා නාගරාජාදිවයිනේ ජනප්‍රිය ගායන ශිල්පීන් රැසක් සහභාගී වනු ඇති.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් මෙම ප්‍රසංගය පැවැත්වීමේ ප්‍රධාන අරමුණ වන්නේ ගුවන් හමුදා සේවා පුද්ගලයින්ගේ මෙන්ම සමාජයේ විශේෂ උපකාර අවශ්‍ය පුද්ගලයින්ගේ සුභසාධන කටයුතු සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමයි.