March 20 (Citizen.lk News)- Canoeing and Kayaking ජාතික ඔරු පැදීමේ සංගමය විසින් 9 වරටත් සංවිධානය කරනු ලැබු කැනෝ ස්ප්‍රින්ට් ජාතික ශූරතාවලිය 2026 මාර්තු මස 12 වන දින සිට 14 වන දින දක්වා දියවන්නා ඔය පරිශ්‍රයේදී පසුගියා සාර්ථකව අවසන් වුණා.
ඒහිදි ගුවන් හමුදා කාන්තා ඔරු පැදීමේ කණ්ඩායම රන් පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කම් තුනක් සමඟින් විවෘත කාන්තා ශූරතාව දිනා ගැනීමට සමත් විය.
09 වන කැනෝ ස්ප්‍රින්ට් ජාතික ශූරතාවලියේදී Best Paddler ලෙස සම්මානය ගුවන් හමුදාවේ නායක ගුවන් කාන්තා මධුසානි කේ.ඩබ්.එන් විසින් දිනා ගන්නා ලදී.
මෙම තරගාවලියේ ජයග්‍රහක ජයග්‍රහිකාවන් සදහා කුසලාන හා සහතික පත් ප්‍රධානොත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාන්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් කේ ඩී ඩී සී ප්‍රනාන්දු මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදා ඔරු පැදීමේ සංචිතයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් තුෂාර වීරරත්න ඇතුළු ත්‍රිවිධ හමුදා නිළධාරීන් හා සෙසු නිලයන් ඇතුළු ක්‍රීඩා ලෝලීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වි සිටියා.