04 පෙබරවාරි
06:48:59 පෙර වරු
දෙස් · · 1 min read

අද සිට නිදහස් දින සැමරුම වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

අද සිට නිදහස් දින සැමරුම වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

January 30 (Citizen.lk News) - පෙබරවාරි 04 වැනිදා නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත 78 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට සමගාමීව පැවැත්වෙන පූර්ව පෙරහුරු වැඩසටහන් අද (30) සිට පෙබරවාරි 02 වැනිදා දක්වා පැවැත්වෙනවා.

ඒ අනුව කොළඹ ප්‍රදේශයේ රථවාහන ගමනාගමනය සීමා කිරීම, විකල්ප මාර්ග භාවිතා කිරීම පිළිබඳව විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පොලිසිය සඳහන් කරනවා.

අද, හෙට, පෙබරවාරි 02 වැනිදා පෙරහුරු පුහුණුවීමේ කටයුතු සඳහා පෙරවරු 07.45 සිට පස්වරු 01.30 දක්වාත්, පූර්ණ පෙරහුරුව පැවැත්වෙන පෙබරවාරු 01 වැනිදා පෙරවරු 05.00 සිට පස්වරු 01.30 දක්වා සහ පෙබරවාරි 04 වැනිදා පෙරවරු 05.00 සිට නිදහස් දින උත්සවය අවසන් වන තුරු අවස්ථානුකූලව රථවාහන ගමනාගමනය සීමා කෙරෙන බව වැඩිදුරටත් සඳහන්.