March 16 (Citizen.lk News) - ගොවි ජනතාවට ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් තීරණයක් ගෙන තිබෙනවා.
ඒ අනුව, එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ QR ක්‍රමවේදයෙන් තොරව, අක්කරයක අස්වනු නෙළීම සඳහා ගොවීන්ට ඉන්ධන ලීටර් 15 ක් ලබාදීමට තීරණය කළ බවයි.
එසේම පෑහීමේ කටයුතු සඳහා ඉන්ධන ලීටර් 20 ක් ලබා දීමට ද තීරණය කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.