19 පෙබරවාරි
03:57:31 පෙර වරු
දෙස් ·

මන්ත්‍රී විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි

මන්ත්‍රී විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි

February 18 (Citizen.lk News) - පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ සහතිකය සටහන් කර තිබෙන අතර මෙම පනත් කෙටුම්පත 2026 අංක 5 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත ලෙස බලාත්මක වනු ලබනවා.

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම ඊයේ වැඩි ඡන්දයෙන් සම්මත වූ අතර, එයට පක්ෂව ඡන්ද 154 ක්ද, විපක්ෂව ඡන්ද 02 ක්ද හිමි වුණා.

පනතේ 3 වගන්තිය ප්‍රකාරව, මෙම පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දිනට පෙරාතුව විශ්‍රාම වැටුපක් ලැබීමට හිමිකම් ඇති සහ විශ්‍රාම වැටුප් ලබන යම් තැනැත්තකුට මෙම පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දින සහ එම දිනයට පසුව එම විශ්‍රාම වැටුප් ලැබීම නතර වීම සිදු වන බවයි වාර්තා වන්නේ.