January 21 (Citizen.lk News) -2026 අධ්‍යයන වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වලට අද (21) ආරම්භ වනවා.
පළමු පාසල් වාරයේ පළමු අදියර පසුගිය 5 වැනිදා සිට 9 වැනිදා දක්වා ක්‍රියාත්මක වූ අතර, ‘දිට්වා‘ සුළි කුණාටුවත් සමග උසස් පෙළ විභාගයේ කල්දැමුණු විෂයන්වලට අදාළ විභාග පැවැත්වීම හේතුවෙන් පසුගිය 10 වැනිදා සිට ඊයේ දක්වා පාසල් නිවාඩු ලබාදී තිබුණා.
ඒ අනුව අද ආරම්භ වන පළමු පාසල් වාරයේ දෙවන අදියර පෙබරවාරි මස 13 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරනවා.