2025 රාජ්‍ය රූපවාහිනි සම්මාන උළෙල පසුගිය 23 වැනිදා ජාතික කෞතුකාගාර ශ්‍රවණාගාරයේ දී බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා .
එහිදී 2025 වසරේ රූපවාහිනී වැඩසටහන් සහ නාට්‍ය ක්ෂේත්‍රයට අදාළව මෙහිදී සම්මාන පිරිනැමුණු අතර ජාතික රූපවාහිනියේ විකාශය වූ "අපි" ටෙලි නාට්‍ය සම්මාන 11කට නිර්දේශ වී සම්මාන හතක් ලබා තිබෙනවා.
ඒ අනුව,
- හොඳම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය - සමීර බණ්ඩාර කපුකොටුව
- හොඳම ටෙලි නාට්‍ය කැමරා අධ්‍යක්ෂණය - සිසිකිරණ පරණවිතාන
- හොඳම සංස්කරණය - ශාන් අල්විස්
- හොඳම සංගීත අධ්‍යක්ෂණය - මිලින්ද තෙන්නකෝන්
- හොඳම ශබ්ද පරිපාලනය - විශ්ව ද සිල්වා
- හොඳම නිළිය - උමාලි තිලකරත්න
- හොඳම සහය නළුවා - චම්පික ප්‍රියදර්ශන
- හොඳම තිර රචනය - සමීර බණ්ඩාර කපුකොටුව (නිර්දේශිත)
- හොඳම ටෙලි නාට්‍ය නළුවා - හසිත වැන්දබෝනා (නිර්දේශිත)
- හොඳම කලා අධ්‍යක්ෂණය - අශෝක් වාස් (නිර්දේශිත)
- හොඳම අංගරචනය - ලසිත අමරබන්දු (නිර්දේශිත)
'අපි' ප්‍රාසාංගික ටෙලිනාට්‍ය විශේෂ හැකියා සහිත මිනිසුන්ගෙ ජීවත තේමා කරගනිමින් නිර්මාණය කර තිබීමද මෙහි විශේෂත්වයක් වනවා.





