ශ්‍රී ලංකාවේ පවත්නා ආර්ථික අර්බුදයට ප්‍රායෝගික සහ විද්‍යාත්මක විසඳුම් සෙවීම අරමුණු කරගත් 'Reset Now' වැඩසටහන් මාලාවේ පළමු හමුව අද (13) පැවැත්වීමට වීමට නියමිතව තිබෙනවා.
ප්‍රකට දේශපාලන සන්නිවේදක සහ ප්‍රතිපත්ති සම්පාදක මහාචාර්ය රොහාන් සමරජීව මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සුවිශේෂී සාකච්ඡාව අද සවස 4.00 ට කොළඹ 2, නිපොන් හෝටලයේදී පැවැත්වීමට නියමිතය.
එම පළමු හමුව 'ප්‍රශ්න කතා කරලා මදි - දැන් විසඳුම් හදමු!' : මහාචාර්ය රොහාන් සමරජීවගෙන් ආර්ථිකයට නව මාවතක් - 'Reset Now' ලෙස නම් කර ඇත.
මෙම හමුවේ අද තේමාව වන්නේ "වේගවත් වර්ධනයකට යතුර: ඉන්දියාව" යන්නයි.
විසඳුම් කේන්ද්‍රීය බුද්ධිමය මැදිහත්වීමක්
ආර්ථික අර්බුදය පිළිබඳ මැසිවිලි නැගීම වෙනුවට, දත්ත සහ තර්ක මත පදනම් වූ විද්‍යාත්මක විසඳුම් ඉදිරිපත් කිරීම මෙම ව්‍යාපාරයේ මූලික අභිප්‍රායයි. ‘Reset Now’ සංවිධායක මණ්ඩලය අවධාරණය කරන්නේ, මෙය සාම්ප්‍රදායික දේශපාලන ‘කතා සාප්පුවක්’ නොවන බවත්, රටේ අනාගතය වෙනුවෙන් තීරණාත්මක ප්‍රතිපත්තිමය මඟපෙන්වීමක් ලබාදෙන බුද්ධිමය කතිකාවතක් වන බවත්ය.
ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුදය උදෙසා අසල්වැසි ඉන්දියාව සමඟ පවත්නා සබඳතා සහ ඉන් ලබාගත හැකි උපායමාර්ගික වාසි පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා වීමට නියමිතය.
මෙම මූලික හමුව තෝරාගත් ආරාධිතයින් පිරිසකට පමණක් සීමා කර ඇත.