18 පෙබරවාරි
08:06:54 පෙර වරු

February 17 (Citizen.lk News) - ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ විශේෂ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක අද (17) දින දිල්ලියේ පැවැත්වෙන ඉන්දීය AI බලපෑම් සමුළුව 2026 සඳහා සහභාගී වීම සඳහා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.

අගමැති මෝදිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම සමුළුවේ අරමුණ වන්නේ මානව වර්ගයාගේ යහපත සඳහා කෘතිම බුද්ධිය වගකිවයුතු ලෙස භාවිතා කිරීම ප්‍රවර්ධනය කිරීම වන අතර ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ලබන 19 වැනිදා සමුළුව ඇමතීමට නියමිත බව වාර්තා වනවා.

දින පහක් පුරා පැවැත්වෙන මෙම සමුළුව සඳහා රටවල් 20 ක රාජ්‍ය නායකයින් සහ රටවල් 45 කට වැඩි සංඛ්‍යාවක නියෝජිතයන් සහභාගි වීමට නියමිත වනවා.