March 30 (Citizen.lk News) - සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු සහ මත්ද්‍රව්‍ය ජාලයන් සමඟ සබඳතා පැවැත්වූ 38 හැවිරිදි රාජපක්ෂ පතිරණලාගේ ප්‍රභාත් මධුසංඛ හෙවත් 'මිදිගම චූටි', ඕමානයේ සිට විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් අද දිවයිනට රැගෙනවිත් තිබෙනවා.
ඔහු මිනීමැරුම්, මංකොල්ලකෑම්, ගිනිඅවි සන්තකයේ තබා ගැනීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් අධිකරණ කිහිපයක නඩු පවතින පුද්ගලයකු වන අතර අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ විසින් ජාත්‍යන්තර 'රතු නිවේදන' (Red Notice) නිකුත් කර තිබූ අතර, ඔහු ඕමානයේ සුපිරි හෝටලයක රැඳී සිටියදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.