February 09 (Citizen.lk News) - තැපැල් ගාස්තු සංශෝධනයන් අද (09) සිට ක්‍රියාත්මක කරන බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ඒ අනුව, මෙතෙක් පැවති සාමාන්‍ය ලිපියක ගාස්තුව රුපියල් 50 සිට 70 දක්වා ඉහළ දමා ඇති අතර ලියාපදිංචි තැපැල් ගාස්තුව වන රුපියල් 60 ක මිලෙහි කිසිදු වෙනසක් සිදුව නොමැත.
සාමාන්‍ය සහ ව්‍යාපාරික ලිපි සේවාවේ මූලික බර පන්තිය ග්‍රෑම් 20 සිට ග්‍රෑම් 30 දක්වා සංශෝධනය කර ඇති අතර පත්‍රිකාවක හෝ පත්‍රිකා කට්ටලයක උපරිම බර ග්‍රෑම් 100 සිට ග්‍රෑම් 120 දක්වා සංශෝධනය කර ඇත.
සාමාන්‍ය/ ව්‍යාපාරික ලිපි සේවාව, තැපැල් පතක් සඳහා ගාස්තු, මුද්‍රිත ද්‍රව්‍ය විවෘත පැකට්ටු/ ලිපි සේවාව, මුද්දර කවර, ටෙලිමේල් සේවාව ඇතුළු සේවා 12 ක ගාස්තු සංශෝධනය කර තිබෙනවා.
අදාළ නිවේදනය පහතින්,
