25 පෙබරවාරි
10:51:56 පෙර වරු
දෙස් ·

2026දී සාත්තු සේවය සඳහා ශ්‍රී ලාංකිකයින් 1000 ක් යොමු කිරීමට සැලසුම්

2026දී සාත්තු සේවය සඳහා ශ්‍රී ලාංකිකයින් 1000 ක් යොමු කිරීමට සැලසුම්

January 21 (Citizen.lk News) - ශ්‍රී ලංකා රජය සහ ඊශ්‍රායල් රජය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමක් අනුව මෙම වසරේදී ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් දහසක් යොමු කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සැලසුම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හෝ කාර්යාංශයේ ලියාපදිංචි පුහුණු ආයතනයක සාත්තු සේවා පුහුණු පාඨමාලාවක් හදාරා, NVQ III සහතිකය ලබා ඇති හෝ, හෙද වෘත්තියේ මාස 11 ට නොඅඩු පළපුරුද්දක් ඇති, වයස අවුරුදු 25 - 45 අතර, අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි පුද්ගලයින්ට මෙම රැකියා සඳහා අයදුම් කළ හැකි බවයි එම කාර්යාංශය සඳහන් කරන්නේ.

තෝරා ගනු ලබන රැකියාලාභීන්ට වසර පහක වලංගු වීසා කාලයක් හිමිවන අතර, මාසයකට රුපියල් ලක්ෂ 06 ට අධික වැටුපක් උපයා ගැනීමේ අවස්ථාව ද ලැබෙන බව සඳහන් වනවා.