25 පෙබරවාරි
07:44:55 පෙර වරු
පුවත් ·

පෙට්‍රල් බෝම්බ ප්‍රහාරක පිරිසක් දැලේ

පෙට්‍රල් බෝම්බ ප්‍රහාරක පිරිසක් දැලේ

සීදුව ප්‍රදේශයේ සමාජ ශාලාවකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිටි බවට කියන පිරිසක් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව වැටලීමේදී සැකකරුවන් 06ක් සහ පෙට්‍රල් බෝම්බ 06ක් අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුවන් එම ආයතනයේම කළමනාකරු, ව්‍යාපාරිකයෙකු, ත්‍රිරෝද රථ රියදුරන් තිදෙනෙකු හා තවත් පුද්ග⁣ලයෙකු වන බව සඳහන් වනවා.