06 පෙබරවාරි
03:52:00 පෙර වරු
දෙස් · · 1 min read

දෙව්නි මෝරි ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට අද සිට අවස්ථාව

දෙව්නි මෝරි ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට අද සිට අවස්ථාව

February 05 (Citizen.lk News) -ඉන්දියාවේ සිට මෙරටට වැඩම කරවන ලද සර්වඥ ධාතූන් වහන්සේ සියැසින් දැක වැඳපුදා ගැනීමේ අවස්ථාව අද (05) සිට මෙරට ජනතාවට හිමි වනවා.

ඒ අනුව හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ තැන්පත් කර ඇති සර්වඥ ධාතූන් වහන්සේ අද (05) අලුයම 6.00 සිට ලබන 11 වන දින පෙරවරු 7.00 දක්වා වැද පුදා ගැනීමටයි කටයුතු සූදානම් කර ඇත්තේ.

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ අරවල්ලි දිස්ත්‍රික්කයේ පිහිටි ඓතිහාසික දෙව්නි මෝරි පුරාවිද්‍යාත්මක ස්ථානයේ 60 දශකයේදී සිදුකරන ලද පුරාවිද්‍යාත්මක කැණීමකින් මෙම ධාතූන් වහන්සේ සොයාගෙන ඇති අතර එම සර්වඥධාතුන් වහන්සේ ඉන්දියාවෙන් පිටත ප්‍රදර්ශනය කරනු ලබන පළමු අවස්ථාව මෙයයි.