16 පෙබරවාරි
05:37:43 පෙර වරු
දේශපාලන · · 1 min read

සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා තරුණ නියෝජිතයින්ට අවස්ථාව

සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා තරුණ නියෝජිතයින්ට අවස්ථාව

January 17 (Citizen.lk News) - සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා නවක සාමාජිකයන් පත් කිරීමේ දී තරුණ ප්‍රජාවට අවස්ථාව ලබාදීමට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කර තිබෙනවා.

ඒ අනුව සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා නවක සාමාජිකයන් ලෙස ගම්පහ ආසන සංවිධායක වරුණ රාජපක්ෂ, තෙල්දෙණිය ආසන සංවිධායක මහේෂ් සේනානායක, හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ, රත්මලාන ආසන සංවිධායක වෛද්‍ය චමල් සංජීව සහ සංජීව ධම්මික යන අය පත්කර තිබෙනවා.

එසේම ඔවුන් විසින් සමගි ජන බලවේගයේ වැඩපිළිවෙල සඳහා විශාල දායකත්වයක් ලබාදීම සහ අඛණ්ඩව මාලිමා ආණ්ඩුවේ අඩුපාඩු පෙන්වා දෙමින් ජාතික දේශපාලනය තුළ සමාජ මතවාද ගොඩනැගීමටත් සුවිශේෂී දායකත්වයක්ද ලබාදී තිබෙන බව සඳහන් වනවා.